Wimasavi

divider

Rs. 100.00Book an Appointment

පායා සඳ සේයා
සනහාලා කළා ආරාධනා
පීරා පෙම සීරා
නොඅසාවී ළඳේ මා කාරණා

නුඹෙ නෑඹුල් සිනා සඳ සේලෙන් වසා
තරු පාරෙන් එහා යමු ආලෙන් කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

හීනෙන් පවා දුටු කාලේ පුරා
නුඹගේ දෑස හා යා වුණා
ඈතින් බලා සැනසෙන්නම් කියා
සිතුවේ හීන හීනෙන් වූ නිසා
ආලෙන් බලා ඉමි මා නෙත් විදා
සායම් කෙරූ නුඹ ගාවින් නොයා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

මා නෙත් පියා පැතු ප්‍රේමංගනා
නුඹගේ ශ්‍රීය හා සැසඳුනා
ස්නේහෙන් එහා (කඳුළෑලෙන්/තෙත දෑසින්) මෙහා
ගැයුනේ ප්‍රේම ගීතේ ප්‍රාර්ථනා/ගැයුනේ ප්‍රේම ගී පෙම් ප්‍රාර්ථනා

ආලෙන් අසා ඔය මායම් කතා
මා පෙම් කෙරූ නුඹ මාගෙයි කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා