Friend List එක සුද්ද කරන්න නියම විදිහ.ගේ දොර වටපිටාව වගේම Facebook එකත් පිරිසිදුව තියාගන්න හැටි

Facebook Friend List Cleaning

1.හැමදාම අපි උදේට Washroom යනවනෙ.Phone එක අරන් යන එකේ කොමඩ් එක උඩ අදාල කර්තවය කරන වෙලාවට කරන්න පුලුවන් දෙයක් තමා Birthdays බලන එක. හැංගිලා ඉන්න නොදන්න අයව මේකෙන් අල්ලගන්න පුලුවන්.තෑග්ගක් විදිහට Unfriend කරන්න

2.පොඩි Friend list එකක් නම් යන්න Friends කියන තැනට,ඒකෙ See All friends කරල Sort By oldest friends වලට යන්න. මෙතන ඉන්නව Profile එක හදපු කාලේ ආතල් එකට Add කරගත්ත සෙට් එක. මලාට අපි දන්නෙත් නෑ අපිව දන්නෙත් නෑ.බලල අයින් කරන්න

3.ඔහොම වෙලාව තියෙනව නන් දිගට දිගට නොදන්න අය Unfriend කරන්න.කෝකටත් අයින් කරන්න කලින් Message Icon එක ඔබල බලන්න මේ යකාගෙන් Message ඇවිත්ද කියල.මොකද අලුත් අවුරුද්දකට හරි අපිට Wish කරන්න වෙලාව ගත්ත කෙනෙක් තියාගත්තට අවුලක් නෑ.මට නම් මේක සෑහෙන්න වෙනව.අයින් කරන්න යද්දි දකිනව අනේ මේ මනුස්සය Message කරලනෙ අපි දැකල නෑනෙ කියල.

ඊළඟට මන් මිනිස්සු ටික කඩන්නම් කැටගරි කීපෙකට.මෙන්න මේ අය තියාගන්න අවශ්‍ය නෑ.

  1. අරින්නම බලන් ඉන්න අය

අපේ list වල ඉන්නව මලාට අපේ හොඳ දේකදි,Achievement එකකදි,දුකකදි,සතුටකදි නැතුව අපිට වරදින පොඩි දේදි ටක් ගාල Comment කරන. උදාහරණෙකට status එකක් දාන්න මේ වෙලාවෙ “සජිත් දින්න නම් හොඳයි” කියල. ඔන්න එනව වැල Form වුනා වගේ අර සෙට් එක.

5.ඕප දූප කාරයො

මේ අය ඉන්නෙ අපේ දේවල් බලාගෙන හූල්ලන්න.ඇති වැඩක් නෑ.මේක මට අදාල වෙන විදිහ කියන්නද.
ඒ අය කොහෙහරි හම්බුණාම “මචන් මේ අර සිංදුව මරු ආහ් සුපිරි, මචන් උඹ අලුතෙන් වාහනයක් ගත්ත නේද,මචන් මේ අර Page සීන් එක ගොඩ දැම්ම නේද”.
ඉතින් බන් දාපන්කො Comment එකක් හිත හැදෙන්න, Share කරාම අපිට හරියනවට ලෝබ නම් message එකක් හරි 😂. අපේ නොදන්න දෙයක් නෑ. හැබැයි මලගෙයක් වුණත් අසනීපයක් වුණත් පොර නෙමේ බලන්නෙ.

6.අහම්බෙන් add වුණ අය.

දන්නව වෙන්න පුලුවන්.ඒත් මේ මොකක් හරි එක අවස්ථාවකදි අපිට සෙට් වුණ පස්සෙ ආයි හම්බවෙන්නෙවත් නැති කතාබහක් නැති අය.උදාහරණයකට මොකක් හරි පාටියකදි සෙට් වෙලා, නැත්තම් පරණ Course එකකදි වගේ. මේ මිනිස්සු අපේ එකේ හිටියට ඒ අයට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. ඉඩ මදි නම් මේ වගේ අයත් කමක් නෑ අයින් කරාට

7.Facebook එකේ හැමදාම “Copied” කියල ටිකක් අනිත් අයට වඩා වෙනස් මත Share කරන Attention Seekers ල

මේ අය දැක්කම අවංකවම අපිටත් ඇඟේ මාලු නටනව නේද.මුකුත් දාන්නත් බෑ නිකන් ප්‍රශ්නනෙ ඊට පස්සෙ. අයින් කරල දාන්න.ඔය හිඟන්නෙක්ට කෑම පාර්සලයක් එහෙම දීල හෙන සත්කුමාර ටෝක්ස් දාන්නෙත් මෙයාල.මෙයාට උදව් කරන්න අපේ Page එකට inbox කරන්න කියන්නෙ එහෙම අය.මේ අය Direct Contact,Account Numbers එහෙම දාන්නෙ නෑ.[අවංක මිනිස්සු ඉන්නව ඒක දාන්නෙ තව කෙනෙක්ට උදව් කරන්න කියන පණිවිඩේ දෙන්න.ඒත් වැඩිපුර ඉන්නෙ මාකටින් කාරයො]

8.හොරෙන් ගේම්කාරයො

හානියක් නෑ ලොකුවට අපිට පේන්න.ඒත් ඔයාව බයිට් කරන, ඔයාට වරදින ඒවට අනිත් මිනිස්සු බැනල දැම්මොත් එහෙම ඒවට ටක් ගාල Haha,Heart දාන සෙට් එක. මේ අය අපිට ඉරිසියයි.තැන තැන කතා කරනව “අපෝ ඒ කෙල්ලට හැමතැනම කොල්ලොනෙ, ආහ් අරූ වාහනේ ගත්තෙ කෙල්ලගෙ දෑවැද්දෙන්” වගේ කියන්නෙ ඒ අය.

9.Duplicated Inactive Accounts

සමහර අය කසාද බඳිද්දි එහෙම profile එක වල දානව අතීතය එක්කම[හොර අහුවෙනවට😂] .එව අපේ Friend List වල පෙන්නනව Deactivated විදිහට හරි එකම නමින් දෙකක් විදිහට හරි. ඔතන තියෙන ඔය Inactive ඒව අයින් කරන්න.

10.එක දිගට දාස් ගණන් අයින් කරන්න එපා.පොඩි interval එකක් දෙන්න.නැත්තම් Account එක Spam වෙලා Temporary lock වෙයි.

11.Celebrity Profiles

Celebrity ල ඉන්නව මලාට අපිට Comment එකකට like එකක්වත් නොදාන.හැබැයි බැනල දාන්න බලන්න.අන්න එනව Reply.ඒ කියන්නෙ දකින්නෙ නැතුව නෙමේනෙ.[ හැබැයි හිතන්න එපා දාන දාන හැම එකටම එයාල interact වෙන්න ඕනෙ කියල.මොකද ඒ අයට එන Volume එක වැඩී.මන් මේ කියන්නෙ තරු සීන් එක ඔලුවටම අරන් instagram following එහෙම 20ට වගේ බස්සන් ඉන්න අය ගැන] එයාලට අපි එයාලගෙ රඟපෑමට,ගායනයට,නර්තනයට හරි මොනවහරි දේකට කැමති නිසානෙ Add කලේ.පුලුවන්නම් එහෙම අපිට මලාට interact වෙන්නෙ නැති අය Add නොකර Follow කරන්න.එතකොට වැඩ දෙකම වෙනව.අපි ඒ කෙනා එක්ක Touch එකේ ඉන්නව සහ අපේ Friendlist එක පිරෙන්නෙ නෑ.

දැන් කෙනෙක් හිතයි අපි තියාගන්න ඕනෙ අපිට හිතවත් අය විතරද කියල.දෙයියනේ මේක “Friends List” එක.ඉතින් #ඔව්. අපි මුල් කාලෙ නොදන්න හැමෝම ඔහේ Add කරන් ගියා.Facebook ආව අලුත.ඒත් දැන් තේරෙනව ඇයි සුද්දන්ගෙ Profile වල Privacy හදල ,Friend list වල 500ට අඩු ගාණක් වගේ ඉන්නෙ කියල.ඒ මිනිස්සු පොඩ්ඩක් ඒ අතින් educated.අනික Facebook guidelines වලම තියෙනව “Try to only send friend requests to people you already know (example: family, friends, coworkers, classmates).”

මිනිස්සු වැඩිපුර කතාවෙන නමක් තියෙන ප්‍රසිද්ධ කෙනෙක් නම් 5000 කියන එක Use කරාට අවුලක් නෑ.ඒත් හැම මනුස්සයෙක්ම මේක පුරවන්න ඕනෙමයි කියල මන් හිතන්නෙ නෑ.