Facebook භාවිතයට සරල උපදෙස් ටිකක්

Facebook Tips

1.තමන්ගේ Post තමන්ම Like කරන්න එපා..Comment දාන්නත් එපා.ඒක හරියට කණ්නාඩිය ඉස්සරහට ගිහින් අනේ ඔයා කොච්චර ලස්සනද කියල කණ්නාඩියට කියනව වගේ

2.බැන්දට පස්සෙ නම් එකතු කරල Account හදන්නෙපා.යාලුවන්ට පැටලෙනව කොල්ලද කෙල්ලද කියල Comment කරන්නෙ කියල.ඒකත් හරියට එක සරමට දෙන්නෙක් බැස්ස වගේ

3.Facebook,Watsap,Insta එකම Number එකට link කරන්න එපා.Disable වෙද්දි 3ම Disabled වුනොත් සදා සොත්ති.

4.කොච්චර හිත උණුවුනත්,තව කෙනෙක් දැනුවත් කරන්න ඕනෙවුණත්, ළමයින්ට ගහන විඩියෝ, Hate Speech වගේ ඒව Messenger වල යාලුවන්ට යවන්නෙපා.

5.කොල්ලෙක් Request එකක් දාන්නෙ Talk කරන්නම කියල හිතන්නෙපා.

6.කෙල්ලෙක් Request එකක් Accept කරාම Message එකක් දාන්න Wave කරන්න කියල කොහෙවත් Guidelines නෑ

7.Followers ල කියන්නෙ Number එකක් විතරයි. ඔයා Maintain කරන්න ඕනෙ Engagement මිසක් එන Request ගාණ නෙමේ.

8.Messenger Call එකක් Did Not Answer කියල වැටුණම දිගට හරහට ගන්නෙපා.ඒ කියන්නෙ Cut කරා කියන එක.

9.Break up එකකට පස්සෙ කෝකටත් Facebook එකේ Two Factor On ද කියල බලල, Where You are logged in check කරන්න.Authorized logins Review කරල Recovery Codes අලුත් කරගන්න.

10.Messenger එකේ යවන Private Photos (Nudes එහෙම) යවල මකල දාන්න.

11.යාලුවන්ගෙ Photo වලට Comment දාන ගෑනු ළමයින්ට එව්ව දැක්ක ගමන් Request දාන්නම ඕනෙ නෑ.දානවනම් දවසක් දෙකක් ඉඳල දාන්න නැත්තම් නෝන්ඩි.

12.තමන් ලස්සනයි කියල හිතෙන පින්තූරෙ එක පාරක් දැම්මම ඇති.ආයි ආයි දාන්නෙපා.

13.නරක වචන භාවිතයෙදි ආදේශ අකුරු,symbols භාවිතා කරන්න.(**තා)